-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, February 2, 2013

අන්තර්ජාලයෙන් මුදල් සෙවීම iii

කියන්න යන්නෙ වැදගත් දෙයක් හැමෝම අවධානෙන් අහන් හිටියනං.....

මේව ලියන්න හතර වටේ නෙට් මනී සාගතේට දුවන අපේ කොල්ලො වෙනුවෙන්..කෙල්ලන්ටත් එක්ක හොදේ. මේකනෙ ඔන්ලයින් මනී ගුරැලා වැහැල පදුරකට පයින් ගැහුවම විසිවෙනව විස්සක් තිහක්.ඉතිං මම කියන්නම් හරියටම වැඩේට අවතීර්ණ වෙන විදිය.සිංහලෙන් කිව්වොත් වැඩේට බහින විදිය.

අද කියන්නෙ ජාලෙ ඇතුලෙ තිතටම හොයන්න පුලුවන් ටිප්ස් ටිකක්

1. Start a Blog 











හරියටම හරියන වැඩේ.අනිවාරෙන් Blog කෑල්ලක් ගැට ගහගන්න.මේ සක්මන තියෙන්නෙ.අන්න ඒ වගේ.මේක නොමිලේ දෙන සේවාවක්. ඉතිං අපිට නිකං දෙනවනං පොලු පාරක් හරි කමක් නෑනෙ නේද. මේව හදල නිකං ඉදල නං වැඩක් නෑ.මම වගේ මොන මොනවා හරි සෙයක් අහුලනෙ මේ විදියට නිතර දාන්න ඕනෙ .සිංහලෙන් කියන්නෙ Blog Updating-කියලනෙ. දැන් තේරෙන්න ඇති....



2. Ad Managements


















ආහ්..හදාගත්තු Blog  එකට අනුන්ගෙන් ගත්ත ඇඩ් දාගන්න එක තමයි මේ.Adsens , Adbrite ළ වගේ අය තමයි මේ සේවාව සපයන්නෙ.ඒකත් නිකං





3. Affiliate marketing









මොකද්ද බොලේ මේ දිව පැ‍ටලෙන සීන් එක. මේක තමයි ඒක.ඒ කිව්වෙ. අනුන්ගෙ දේවල් ප්‍රසිද්ධ කිරීම. අපේ මොනව ප්‍රසිද්ධ කරන්නද.අපි කෝමත් අනුන්ගෙ දේවල් අවුස්සන්න නියමෙට දන්නවනෙ.මේ වැඩේ නම් හොදටම කරයි... සේවාවක් තියනව ..අපි කරන්නෙ ඒ සේවාව අපි හරහා අපි දන්න උදවියට දැනුවත් කිරීමක් කරනව.Blog කෑල්ල මේකට යොදාගන්න පුලුවන්.ඒකත් නිකං



  4. Sell a service 












මේන්න බඩු .තමන්ව විකිණීම....හෑ...... 
මේක ඇත්තටම සාර්ථක සීන් එකක්.අපි හිතමු ඔබ ලස්සනට පිංතූර හදන්න දන්නව.Photoshop වලින්.ඒක ඔයාගෙ දක්ෂතාවය.මේකෙන් කරන්නෙ අපේ සේවාව ලබා දීල ඊට සරිලන මුදලක් ලබාගැනීම.මම නම් කැමතිම වැඩේ..පිංතූර විතරක් නෙමෙයි.තමන්ගෙ ඕනෙම දක්ෂතාවයට ඉඩ තියනව.. ඒකත් නිකං





5. Selling 



මේ සීන් එකෙන් එකපාර ලොකු කුට්ටියක් ගන්න පුලුවන්.තමන් සතුව දෙයක් තියනව නම් ඒක විකුණන එක තමයි කරන්නෙ ebay වගේ..ඒකත් නිකං






ප්‍රධානම වෙන දේවල් ටිකක් තමයි මේ. ඇඩ් ක්ලික් කරල දවස ගානෙ පොඩි සොච්චමක් හොයල තට්ටු බංගලා හදන්න බෑ කොල්ලනේ. හොද අවබෝධයක් තියෙන්න ඕනෙ.නරි මොලේකුත් ඕනෙ.කිසිම කෙනෙක් කිව්වට එක පාරම කරන්න දගලන්න එපා. හොදය ඒ ගැන හොයල බලන්න. මොකද හැම තැකම වංචාව.
අනාගතේදි මේව කරන හැටි මම එක එක පැහැදිලිව කියල දෙන්නම්....

හැමෝටම ජය වේවා..


3 comments:

  1. නියමයි අයියෙ තව ලිපි dhaanna..දාන්න..සුභ පතනවා..

    ReplyDelete

වටිනා ඹබේ අදහස්...