-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Saturday, December 24, 2011

පරිගණකයේ Drivers සුරක්ෂිත කරගැනීම








                           දන්නවද අපි අපේ පරිගණකය Format කරපු දවසට මූනපාන අන්තිම දුක්ක තත්වය. ඒ තමයි ආපසු පරිගණකයට Drivers ටික හොයල දාගන්න එක.හරියට ගැලපෙන Drivers එක නැතිවුණොත් දුක තමයි.


මේකට තියනවා එක උත්තරයක්.ඒ තමයි Drivers ටික බැකප් කරල තියාගෙන Format කිරීම පටන්ගන්න එක.


මෙන්න තියනවා Driver Grab 


වැඩේ සිම්පල්


Install කරල ඩබල් ක්ලික් කරන්න. C:/ පාටිෂන් එකට මුලු පරිගණකයේම  Drivers ටික බැකප් වෙනවා.


Driver Grab මෙතනින් Download කරගන්න. 


______________________________________________

මීට අමතරව මෙම සිදුවීමම ඉටු කර දෙන තවත් මෘදුකාංගයක් තමයි Driver Genius . 






හැබැයි මේ මගින් Drivers Update  කිරීම කරගන්නත් පුලුවනි. මෙන්න ලින්ක් එක.


Download



Saturday, December 3, 2011

අන්තර් ජාලයෙන් නිවැරදිව මුදල් සෙවීම i

 


ඉතින් කොහොමද . හුග දෙනෙක් ඉල්ලනවා අන්තර්ජාලයෙන් මුදල් හොයන විදිය ගැන ලිපි පලකරන්න කියල.වැඩික ඉල්ලීම මතයි මේ ලිපිය ඵල කරන්න යන්නෙ.


 ___________අන්තරජාලය තුල මුදල් සෙවීම___

   ඇත්තටම අන්තර්ජාලයෙන් ඔය කියන තරමටම මුදල් හොයන්න පුලුවන් ද..... 

සත්තකින්ම.ඔබ හිතනවටත් වඩා අමතර ආදායමක් මෙන්ම ස්ථිර ආදායමක් ලබාගැනීමත් සරල දෙයක්.නමුත් ඔබ යා යුත්තේ නිවැරදි මගයි.මොකද දන්නවද.අද වනවිට මොනතරම් නම්  අන්තර්ජාලයෙන් මුදල් කියන වචනේ දාගෙන මඩි පුරවගන්න ආයතන පුද්ගලයින් වැහි වැහැල.අමතක කරන්නෙපා.

එකවර විශාල මුදලක් ලබාදෙනව කියල තියනව නම් ඒක බොහෝවිට බොරැවක්.

ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන වැඩේ දැන් තරමක් අසාර්ථකයි.

අපට පන්න පන්න මුදල් ලබාදෙන්න කාටවත් අමාරැවක් නැහැ.


හැම තැනකම වංචනික ලෙස ඔබව මුලාවට පත් කරන්න බලාගෙන ඉන්න සමාගම් තමයි වැඩිපුරම තියෙන්නෙ.


ජාලයෙන් මුදල් හොයනවානම් නිතරම ජාලයත් සමග ඉන්න වෙනවා.නැත්නම් වැඩෙ අමාරැවෙනවා. 


ජාලය තුල දැනට අධිවේගීව මුදල් උපයන මුල්ම දෙය තමයි Forex කියන්නේ.මේ Forex තුලින් ලොව පුරා පුද්ගලයින් මේවන විට විශාල වශයෙන් මුදල් ආයෝජනය කර උපයනවා. ඉතින් මම කියන්න යන්නේ Forex ගැන නම් නෙමෙයි.අද කියන්න හදන්නේ ඉතාම ලේසි වැඩක්.


බහිමු වැඩේට.


අද කරන්න යන්නේ ටිකක් සුපිරි දෙයක් . වැඩේ තමයි අනුන්ගේ ලින්ක් විකුණන් කෑම. ඒ වචනෙ තමයි හරියටම ගැලපෙන්නේ.මෙන්න පියවර


*මුලින්ම අපි අනුන් අප්ලෝඩ් කරපු File එකක ලින්ක් එකක් හොයාගන්නවා.


*ඊට පස්සේ ඒ ලින්ක් එක අදාල සයිට් එකට දීල Cover ලින්ක් එකක් Generate කරගන්නවා.


*Geni කරගත්ත ලින්ක් එක තවත් කෙනෙකුට Share කරනවා.


__________________මෙන්න මෙච්චරයි කරන්නේ.________


දැන් කියන්නම් පිළිවෙත


* මෙතන ක්ලික් කරල Adfly වලට යන්න.(මේක මගේ රෙෆ් ලින්ක් එක)


* මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.


* දැන් ඔයාලගේ E-mail එකට ලින්ක් එකක් ඇවිදින් ඇති.ඒක ක්ලික් කරල Adfly ලගේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න.


* දැන් ඔයාල හොයාගන්න ඕනෙ Torrent හරි Zip හරි ලින්ක් එකක්.
මෙන්න මෙතනින් හොයාගන්න පුලුවනි




මෙතනින් කැමති ලින්ක් එකක් කොපි කරගන්න.




දැන් ඒ ලින්ක් එක රවුම් කරල තියන තැනට Paste කරල Shrink කරන්න.එ‍හෙම කළ පසු Adfly හදන ලින්ක් එකක් ඔයාලට ලබා දෙනවා




දැන් මෙන්න මේ ලින්ක් එක තමන්ගේ මිතුරන් අතර Share කරගන්න.ලින්ක් එක Download කරන වාරයක් පාසා ඔබේ ගිණුමට මුදල් එක් වේවි.


__________________________


මේ ලින්ක් එක ක්ලික් කලාම තත්පර 3ක ඇඩ් එකක් පෙන්නනවා. ඒ ඇඩ් එක අපි අනිත් අය අතර හුවමාරැ කැරන නිසයි අපට මුදල් ලැබෙන්නේ.


____________





Saturday, October 22, 2011

Upload කර මුදල් සෙවීම i


                                        
                                      මේවෙනකොට අන්තර්ජාලය ඔස්සේ රැකියා තියනවා කියලා.මාසෙකට ලක්ෂ ගණන් හොයන්න පුලුවන් කියලා හැම තැනම දැකපු නිසා මේ ලිපිය පලකරන්න හිතුන. කතාව මේකයි. කාටවත් අවශ්‍ය නෑ තවත් කෙනෙකුට නිකන් මුදල් දෙන්න.අන්තර්ජාලය ඔස්සේ මුදල් සෙවීමට විවිධ කම තියෙනවා.නිකන් උඩ බලන් හිටියට නම් මුදල් ලැබෙන් නෑ. තරමක් කැපවීමෙන් වැඩ කිරිම අවශ්‍යයි.වැදගත්ම දේ තමයි. වංචනික දේකට හසු නොවීම.මොකද ජාලය පුරා හැමතැනම වංචනික අඩවි ඇති නිසා.


කොහොමද අපි වංචනිකද නැද්ද කියල දැනගන්නේ.....


අන්තර්ජාලයේ ෆෝරම් කියල දේවල් තියෙන්නේ ඒකට තමයි. මේවගේන් අපට ඇත්ත නැත්ත දැනගන්න පුලුවනි.



  • ඇඩ් ක්ලික් කර මුදල් සෙවීම
  • ඊමේල් කියවා මුදල් සෙවිම
  • ලින්ක් හුවමාරැවෙන් මුදල් සෙවීම
  • ඇඩ් ක්ලික් කරවා මුදල් සෙවීම
  • අප්ලෝඩ් කර මුදල් සෙවීම
  • බඩු විකිණීමෙන් මුදල් සෙවීම



                         වැනි තවත් බොහෝ මුදල් සෙවීමේ දෑ ජාලය තුල හමුවේ. මෙහි නිල් පැහැයෙන් පෙන්වන විධි නම් කෙතරම් පහසු වුවත් මේවනවිට එතරම් සාර්ථක මට්ටමක නොපවතියි.


රතු පැහැයෙන් දක්වා ඇති විධි අති සාර්ථක ලෙස දැනටත් වැඩකරනු ලබයි.
කෙසේහෝවේවා එක්වරම වැඩි $ ගණන් ලබාදෙන අඩවි තුලින් අපට ඒතරම් බලාපොරොත්තුවක් තබාගන්න නම් නොහැකිවේවි. නමුත් අපට එක් වැඩකින්  $ 0.2 ක් වැනි මුදලක් ලබා දෙයි නම් එය තරමක් විස්වාස කළ හැක.මන්ද යත් අපට විශාල වශයෙන් ගෙවීම් කිරීමට යම් යම් සමාගම් සතුව කැසීමේ ලෙඩේ නොමැති බැවින්ය.


මෙහි භාන්ඩ විකිණීමෙන් විශාල ආදායමක් ලබාගතහැක.නමුත් ඊට අනුගත වීමට පෙර සියලු දේ සොයා බැලීම නුවනට හුරැය.


මම මේ ලිපියෙන් කියන්නම් අප්ලෝඩ් කිරීම මගින් මුදල් සොයාගන්න විධි කීපයක්.


Ziddu




Ziddu කියන්නේ අප්ලෝඩ් කරලා ඒ ලින්ක් එක තවත් කෙනෙකුට හුවමාරැ කර ඔහු ඩවුන්ලෝඩ් කරන වාරයකට ඔබල මුදල් ගෙවන සේවාවක්.


තවත් තොරතුරැ දැනගන්න.


මුලින්ම අපට මේ සේවාවේ ලියාපදිංචි වීමට සිදුවෙනවා. පහත පින්තූරය ක්ලික් කරන්න(මගේ රෙෆ් ලින්ක් එක)


මෙහි ලියාපදිංචි වීමෙන් පසු තමන්ට අවශ්‍ය ඕනෑම දෙයක් (සින්දු.පින්තූර වැනි)අප්ලෝඩ් කර තවත් අයෙකු ලවා ඩවුන්ලෝඩ් කරන වාරයක් පාසා ඔබේ ගිණුමට මුදල් එකතුවේ.ලැබෙන්නේ සුලු මුදලක් නමුත් ඔබගේ අදහස් සහ තීක්ෂණ මොළය මත අගය වැඩි කරගැනීම ඉතාම සරල දෙයක්.

මෙම මුදල් ලබාගැනීමට ඔබ‍ට Alertpay, Paypal ගිණුමක් තිබිය යුතුයි.





Friday, October 21, 2011

වෙබ් අඩවියක් HACK කරීම

          


Hacking  කියන්නේ පරිගණකය අන්තර්ජාලය භාවිතා කරන බොහෝදෙනා වැඩි නැඹුරැතාවයක් දක්වන දෙයක්. මේ හැක් කිරීම් ලෝකයේ හොද දේවල් සදහා මෙන්ම වැරදි දෙවල් සදහාත් යොදාගන්නවා. 

      බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි පොඩි පොඩි හැකින්ග් ටිප්ස් ටිකක් දාන්නයි හදන්නේ. හැබැයි මේවා පාවිච්චි කරන්න.ඒත් Black Hat Hacker කෙනෙක් නොවී White Hat Hacker කෙනෙක් වෙන්න.
_________________________________________________

මුලින්ම වෙබ් අඩවියක් හැක් කරන සරල දේකට බහිමු. ඕනෙම සයිට් එකකට ඇඩ්මින් කෙනෙක් ඉන්නවා කියල ඔයාල දන්නවානේ.එයා අතේ තමයි ඒ සයිට් එකේ යූසර් නේම් පාස්වර්ඩ් තියෙන්නේ.ඉතින් අපි කරන්න යනේ ඇඩ්මින්ගේ පාස්වර්ඩ් එක දීල ඇඩ්මින් විදියට සයිට් එකට ලොග් වෙන්න. අපි තෝරගන්නේ .ඒ එස් පී කියන පිටුයි. 

ගූගල් වල සර්ච් කරන්න  Admin.asp

දැන් තමන් කැමති ලින්ක් එකක් ඕපන් කරගන්න

දැන් ලොග් ඉන් මෙනු එකක් ලැබිල ඇති.

යූසර් නේම් එකට Admin
පාස්ර්ඩ් එකට    'or' '='

ඇතුල් කරල ලොග් ඉන් වෙන්න. අනිවාරයෙන්ම ඇඩ්මින් ලෙස ඔබ‍ට එම සයිට් එකට ඇතුල් වීමට ඉඩ ලැබෙනු ඇත.

අල නම් මේක බලන්න.



* මේ සයිට් වල තිබෙන යම් යම් දත්ත විරෑපී කිරීම නොකරන්න.මන්ද යත් එය තවත් අයෙකුට කරදරයක්.අපහසුතාවයක් වියහැකියි.*

Saturday, October 15, 2011

G-mail හරහා දුරකථන වලට නෙමිලේ sms යැවීම

හුග දවසකින් ලියන්න බැරි වුණා. අද කියන්න යන්නෙ Gmail වලින් ජංගම දුරකතනයකට SMS  යවන විදිහ.මෙකනම් කජු වෙග් වැඩක්. ඒකට Gmail Account log වෙන්න. මෙක Google සමාගම නොමිෙල් දෙන සෙවාවක්.


මෙන්න මෙතන ක්ලික් කරන්න කරල නම්බර් ඒක දෙන්න. 






හැබැයි 50යි තියෙන්නෙ. ඒත් ඒ දුරකතනෙය් සිට Reply ඒකක් ලැබුණොත් අාපසු ගාණ වැඩි ෙවනවා.

Friday, September 9, 2011

You Tube Video Download කරගන්න ලේසිම විදිහක්

අද කියල දෙන්න යන්නේ කොහොමද You Tube Video එකක් තමන් කැමති එකකට කරගන්නේ කියල. වෙනදට අපි You Tube එකෙන් Video එකක් Download කරගන්න ගියාම වෙනම Software එකක පිහිට පතන්න වෙනවා. මේක මහා කරදරයක්. ඒ නිසා ඉතාම ලේසි විදිහ අද කියල දෙන්නම්. මේක FireFox Addon එකක් මේ Addon එක වැඩ කරන්නේ FireFox එක එක්ක විතරයි.


මුලින්ම FireFox  ඕපන් කරගන්න.


Search Bar  එකේ Addons කියල Type කරල Search කරන්න.එතකොට Addons පේජ් එකට යනවා. මෙන්න මේ වගේ.



01. පෙන්වන තැනYou Tube කියල Type කරල  Search කරන්න.


එතකොට මේ වගේ පිළිබද තිබෙන සියලුම දේවල් හොයලා දෙනවා


මෙන්න මේ වගේ

දැන් මෙතන තියන කැමති එකක් Install කරගන්නයි තියෙන්නෙ.පසුව FireFox Colose කරල ආපහු ගන්න. අරගෙන You Tube සයිට් එකට යන්න කැමති වීඩියෝ එක ක්ලික් කළාම පහලින් මෙන්න මේ වගේ 

ටැබ් එකක් පෙනේවි.එතැනින් Download කරගන්න.


අල වගේ නම් මෙක බලල අදහසක් ගන්න






මෙන්න තියනව Chrome වලට වැඩ කරන ඇඩෝන් එක








 






Thursday, September 8, 2011

Pen Drive එකේ Icon එක මාරැ කරමු



ඔන්න තවත් ජොලි වැඩක් ගෙනාවා.හරිම ලේසි වැඩක්.කරල බලන්න.කරන්න යන්නේ ඔබේ පෙන් එකේ අයිකන් එක වෙනස් කරන්නයි. එහෙම වෙනස් කළාම වෙන ඔනෙම පරිගණකයකට සම්බන්ධ කළත් අයිකන් එක මාරැ ‍නොවී තියෙනවා.








මේකට අපි පොඩි  .inf එකක් ලියන්න ඕනෙ.මොකද Pen එක Computer එකට සම්බන්ධ කල පසු පළමුවෙන්ම Run වෙන්නේ .inf File එක නිසා.


මුලින්ම අපි කැමති අයිකන් එකක් ඕනෙ වෙනව. ඒ අයිකන් ෆයිල් එක පෙන් එකට කොපි කරගන්න.අයිකන් ෆයිල් එකේ නම කොපි කරගන්න.(මම ගත්ත නම තමයි truck)


Note Pad ඔපන් කරගෙන මෙන්න මේ ටික Type කරගන්න.




[Autorun]
icon= truck.ico


මේ ටික විතරමයි.මෙතන .ico කියන්නේ අයිකන් Type කියන එක.


දැන් Type කරපු නෝට් එක පෙන් එකේ autorun.inf කියල නම දීල සේව් කරගන්න. අයිකන් එකත් පෙන් එකට කොපි කරගන්න.


ඒත් ටිකක් අල වගේ හිතෙනවනම් පහලින් මම හදපු එක Download කරගන්න.Download කරගෙන ඒකේ තියන.inf File එකයි .ico File එකයි පෙන් එකට කොපි පේස්ට් කරගන්න.
පෙන් එක Remove කරල ආයිමත් Computer එකට සම්බන්ධ කරන්න.වැඩේ හරි නම් My computer ගියහම Pen එකේ Icon එක මාරැ වෙලා තියේවි.


Download 



Wednesday, August 31, 2011

How To Remove Blogger Nav Bar

Blogger ලට තියෙන එක කරදරයක් තමයි මේ Nav Bar එක




. අද කියල දෙන්නම් කොහොමද මේ Nav Bar අයින් කරන්නේ කියල සුද්ද සිංහලෙන්ම.


කතා ඇතිනේද. මෙන්න වැඩේ පියවරෙන් පියවර......


01 මෙන්න මෙතෙන්ට යන්න

මේ අකාරයට පිළිවෙලින් කරගන්න


02.  ඔබේ බව්සර් එකේ ඉන්න ගමන් Ctrl + F (කන්ටෝල් බටන් එකත් එක්ක F  )යතුර ඔබන්න. එවිට ඔබේ බවුසර් එකේ සෙවීම් මෙනුව මතුවෙයි. දැන් එතැන මෙන්න මේ      ]]></b:skin>    කෝඩ් එක පේස්ට් කරල HTML එකේ මෙ කෝඩ් එක තියෙන තැන හොයාගන්න.


ඊට පස්සේ  මේ කෝඩ් එකට පහලින් මේ කෝඩ් එක පේස්ට් කරල සෙව් කරගන්න.


/* CSS to hide navigation bar */

#navbar {
height:10px;
visibility:hidden;
display:none;
}



දැන් සේව් කරන්න .

Wednesday, August 17, 2011

Make Free Calls-PC to PHONE

මතකද අපි පරිගණකයේ සිට ජංගම දුරකථන වලට ඇමතුම් නොමිලේ ගත්තා.ඒ ලින්ක් එක දැන් වැඩ කරන්නෑ කියල හුගදෙනෙක් කියන නිසා ලින්ක් එක රිප් කරල නැවත පෝස්ටින් එකක් දාන්නයි හදන්නේ.
______________________________________
මතකද EVAPHONE 





























සයිට් එක අලුත් කරල තම් තමයි. මේකෙන් ලංකාව ඇතුලතත් තවත් රටවල් වලටත් ඇමතුම් නොමිලේම ලබාගන්න පුලුවනි.* කොන්දේසි සහිතයි. බය වෙන්න එපා අය කිරීමක් නම් කරන් නෑ.


මෙතන කොටල සයිට් එකට යන්න
අදාල රටට නොමිලේ ලබාදෙන ඇමතුම් කාලය මෙතනින් බලාගන්න


























දැන් අදාල රටේ අදාල එකත් එක්ක අංකය ඇතුල් කරන්න(අදාල එක කිව්වෙ Country Code[eg:  +94.........]) එන්න ඒ වගේ.


දැන් Call කරන්න ටික වේලාවකින් ඩයල් වෙනවා. කනෙක්ට් වෙන්න කලින් එයාලගේ පොඩි ඇඩ් එකක් යනවා ඊය පස්සෙ තමයි රින්ග්ස් යන්නෙ. 


* මතක තියාගන්න - එක දවසකට එකපාරයි කතා කරන්න පුලුවන්.මොකද අපේ අයි.පී එක කවුන්ට් වෙනවා.(සමහරක් අය නම් දන්නවා ඒකටත් කරන්න ඕනි මොකක්ද කියලා)


කරල බලන්න.

Folder Hide

ඔන්න ඉතින් තවත් වැදගත් ලිපියක් ලියන්නයි අද හදන්නෙ. සමහරක්විට ඔබ මේ ගැටලුවට මූණ දීල ඇති.තවමත් මේ ගැටලුවෙන් පීඩා විදිනවත් ඇති. කැටයම් දැම්මත් ඇති. මෙන්න එහෙනම්....


ඔබේ පරිගණකයේ File , Folders  Hide කළ පසු නැවත නොපෙන්වන ගැටලුවටයි මේ උත්තරය. බොහෝවිට මෙලෙස සිදු කරන්නේ පරිගණක වෛරසයක් මගින්.










මෙන්න මේ ආකාරයට කියන Folder Option එකවත් අඩුම තරමින් පෙන්වන් නැහැ.














මෙතනදී Show කළත් Show නොවේ.











මෙතනදි වෙන්නේ Folder Option කියන Registry value එහෙම නැත්නම් අගයන් වෙනස් වීමක්.අපි ඒ Key එක දන්නවානම් අපට Registry වෙනසක් සිදුකරගන්න පුලුවනි. ඒත් ඒ ගැන වැඩිය නොදන්න අය අත පුච්ච ගනීවි.ඒ කිවිවෙ ඇති දත්ත නිසි දැනුමකින් තොරව වෙනස් කිරීමෙන් ඔබට සදහටම පරිගණකය කරගැනීමටවත් නොහැකි වෙන්න ඉඩ තියනවා. දන්න සිංහලෙන් වැඩේ කරගෙන යන්න මම හැදුවා පොඩි ඩෙගාපටස් එකක්.


මෙතනින් Download කරගන්න.
පොඩි කේස් එකක් තියනවා. මේක වැඩ කරන්න නම් ඔබේ පරිගණකයේ .Net framework එක තිබිය යුතුයි.
හොද නරක ටිකක් ලියල යන්න අමතක වෙයි.



Sunday, August 14, 2011

සක්මන-නැවතත්


 සක්මනට ආදරය කරන ඹබගේ අදහස් අනුව නැවතත් සක්මන දියත් කිරීමට හිතුන නිසා නැවතත් වැඩ පටන්ගත්තා.ඔබට සක්මන මතක ඇතුවාට සැකයක් නෑ. දන්න තරමින් විශාල පිරිසක් සක්මන වටා සිටියා.ඒ බව ඔබ සක්මන නිහඩ අවදියේ ලබා දුන් අදහස් වලින් මනාව ඔප්පු වුණා.ඒ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතිවන්ත වෙනවා.විශේෂයෙන්ම සක්මන නැවත යවත්කාල කරන ලෙස කරන ලද ඉල්ලීම් හදවතින්ම පිලිගනිමින් නැවතත් සක්මන ආලුත් ආරකින් ආරම්භ කරන්න හිතුනා. නැවතත් සුපුරුදු ලෙසින් සක්මනත් සමග රැදී සිටින්න ආදරනීය ඔබට ඇරයුම් කරමි.