-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Friday, September 9, 2011

You Tube Video Download කරගන්න ලේසිම විදිහක්

අද කියල දෙන්න යන්නේ කොහොමද You Tube Video එකක් තමන් කැමති එකකට කරගන්නේ කියල. වෙනදට අපි You Tube එකෙන් Video එකක් Download කරගන්න ගියාම වෙනම Software එකක පිහිට පතන්න වෙනවා. මේක මහා කරදරයක්. ඒ නිසා ඉතාම ලේසි විදිහ අද කියල දෙන්නම්. මේක FireFox Addon එකක් මේ Addon එක වැඩ කරන්නේ FireFox එක එක්ක විතරයි.


මුලින්ම FireFox  ඕපන් කරගන්න.


Search Bar  එකේ Addons කියල Type කරල Search කරන්න.එතකොට Addons පේජ් එකට යනවා. මෙන්න මේ වගේ.



01. පෙන්වන තැනYou Tube කියල Type කරල  Search කරන්න.


එතකොට මේ වගේ පිළිබද තිබෙන සියලුම දේවල් හොයලා දෙනවා


මෙන්න මේ වගේ

දැන් මෙතන තියන කැමති එකක් Install කරගන්නයි තියෙන්නෙ.පසුව FireFox Colose කරල ආපහු ගන්න. අරගෙන You Tube සයිට් එකට යන්න කැමති වීඩියෝ එක ක්ලික් කළාම පහලින් මෙන්න මේ වගේ 

ටැබ් එකක් පෙනේවි.එතැනින් Download කරගන්න.


අල වගේ නම් මෙක බලල අදහසක් ගන්න






මෙන්න තියනව Chrome වලට වැඩ කරන ඇඩෝන් එක








 






Thursday, September 8, 2011

Pen Drive එකේ Icon එක මාරැ කරමු



ඔන්න තවත් ජොලි වැඩක් ගෙනාවා.හරිම ලේසි වැඩක්.කරල බලන්න.කරන්න යන්නේ ඔබේ පෙන් එකේ අයිකන් එක වෙනස් කරන්නයි. එහෙම වෙනස් කළාම වෙන ඔනෙම පරිගණකයකට සම්බන්ධ කළත් අයිකන් එක මාරැ ‍නොවී තියෙනවා.








මේකට අපි පොඩි  .inf එකක් ලියන්න ඕනෙ.මොකද Pen එක Computer එකට සම්බන්ධ කල පසු පළමුවෙන්ම Run වෙන්නේ .inf File එක නිසා.


මුලින්ම අපි කැමති අයිකන් එකක් ඕනෙ වෙනව. ඒ අයිකන් ෆයිල් එක පෙන් එකට කොපි කරගන්න.අයිකන් ෆයිල් එකේ නම කොපි කරගන්න.(මම ගත්ත නම තමයි truck)


Note Pad ඔපන් කරගෙන මෙන්න මේ ටික Type කරගන්න.




[Autorun]
icon= truck.ico


මේ ටික විතරමයි.මෙතන .ico කියන්නේ අයිකන් Type කියන එක.


දැන් Type කරපු නෝට් එක පෙන් එකේ autorun.inf කියල නම දීල සේව් කරගන්න. අයිකන් එකත් පෙන් එකට කොපි කරගන්න.


ඒත් ටිකක් අල වගේ හිතෙනවනම් පහලින් මම හදපු එක Download කරගන්න.Download කරගෙන ඒකේ තියන.inf File එකයි .ico File එකයි පෙන් එකට කොපි පේස්ට් කරගන්න.
පෙන් එක Remove කරල ආයිමත් Computer එකට සම්බන්ධ කරන්න.වැඩේ හරි නම් My computer ගියහම Pen එකේ Icon එක මාරැ වෙලා තියේවි.


Download