-<<<<<<<<<-- ආයුබෝවන් සක්මන වෙත සාදරෙන් පිලිගනිමු -->>>>>>>>>>>>>>-

Friday, September 9, 2011

You Tube Video Download කරගන්න ලේසිම විදිහක්

අද කියල දෙන්න යන්නේ කොහොමද You Tube Video එකක් තමන් කැමති එකකට කරගන්නේ කියල. වෙනදට අපි You Tube එකෙන් Video එකක් Download කරගන්න ගියාම වෙනම Software එකක පිහිට පතන්න වෙනවා. මේක මහා කරදරයක්. ඒ නිසා ඉතාම ලේසි විදිහ අද කියල දෙන්නම්. මේක FireFox Addon එකක් මේ Addon එක වැඩ කරන්නේ FireFox එක එක්ක විතරයි.


මුලින්ම FireFox  ඕපන් කරගන්න.


Search Bar  එකේ Addons කියල Type කරල Search කරන්න.එතකොට Addons පේජ් එකට යනවා. මෙන්න මේ වගේ.



01. පෙන්වන තැනYou Tube කියල Type කරල  Search කරන්න.


එතකොට මේ වගේ පිළිබද තිබෙන සියලුම දේවල් හොයලා දෙනවා


මෙන්න මේ වගේ

දැන් මෙතන තියන කැමති එකක් Install කරගන්නයි තියෙන්නෙ.පසුව FireFox Colose කරල ආපහු ගන්න. අරගෙන You Tube සයිට් එකට යන්න කැමති වීඩියෝ එක ක්ලික් කළාම පහලින් මෙන්න මේ වගේ 

ටැබ් එකක් පෙනේවි.එතැනින් Download කරගන්න.


අල වගේ නම් මෙක බලල අදහසක් ගන්න






මෙන්න තියනව Chrome වලට වැඩ කරන ඇඩෝන් එක








 






Thursday, September 8, 2011

Pen Drive එකේ Icon එක මාරැ කරමු



ඔන්න තවත් ජොලි වැඩක් ගෙනාවා.හරිම ලේසි වැඩක්.කරල බලන්න.කරන්න යන්නේ ඔබේ පෙන් එකේ අයිකන් එක වෙනස් කරන්නයි. එහෙම වෙනස් කළාම වෙන ඔනෙම පරිගණකයකට සම්බන්ධ කළත් අයිකන් එක මාරැ ‍නොවී තියෙනවා.








මේකට අපි පොඩි  .inf එකක් ලියන්න ඕනෙ.මොකද Pen එක Computer එකට සම්බන්ධ කල පසු පළමුවෙන්ම Run වෙන්නේ .inf File එක නිසා.


මුලින්ම අපි කැමති අයිකන් එකක් ඕනෙ වෙනව. ඒ අයිකන් ෆයිල් එක පෙන් එකට කොපි කරගන්න.අයිකන් ෆයිල් එකේ නම කොපි කරගන්න.(මම ගත්ත නම තමයි truck)


Note Pad ඔපන් කරගෙන මෙන්න මේ ටික Type කරගන්න.




[Autorun]
icon= truck.ico


මේ ටික විතරමයි.මෙතන .ico කියන්නේ අයිකන් Type කියන එක.


දැන් Type කරපු නෝට් එක පෙන් එකේ autorun.inf කියල නම දීල සේව් කරගන්න. අයිකන් එකත් පෙන් එකට කොපි කරගන්න.


ඒත් ටිකක් අල වගේ හිතෙනවනම් පහලින් මම හදපු එක Download කරගන්න.Download කරගෙන ඒකේ තියන.inf File එකයි .ico File එකයි පෙන් එකට කොපි පේස්ට් කරගන්න.
පෙන් එක Remove කරල ආයිමත් Computer එකට සම්බන්ධ කරන්න.වැඩේ හරි නම් My computer ගියහම Pen එකේ Icon එක මාරැ වෙලා තියේවි.


Download 



Wednesday, August 31, 2011

How To Remove Blogger Nav Bar

Blogger ලට තියෙන එක කරදරයක් තමයි මේ Nav Bar එක




. අද කියල දෙන්නම් කොහොමද මේ Nav Bar අයින් කරන්නේ කියල සුද්ද සිංහලෙන්ම.


කතා ඇතිනේද. මෙන්න වැඩේ පියවරෙන් පියවර......


01 මෙන්න මෙතෙන්ට යන්න

මේ අකාරයට පිළිවෙලින් කරගන්න


02.  ඔබේ බව්සර් එකේ ඉන්න ගමන් Ctrl + F (කන්ටෝල් බටන් එකත් එක්ක F  )යතුර ඔබන්න. එවිට ඔබේ බවුසර් එකේ සෙවීම් මෙනුව මතුවෙයි. දැන් එතැන මෙන්න මේ      ]]></b:skin>    කෝඩ් එක පේස්ට් කරල HTML එකේ මෙ කෝඩ් එක තියෙන තැන හොයාගන්න.


ඊට පස්සේ  මේ කෝඩ් එකට පහලින් මේ කෝඩ් එක පේස්ට් කරල සෙව් කරගන්න.


/* CSS to hide navigation bar */

#navbar {
height:10px;
visibility:hidden;
display:none;
}



දැන් සේව් කරන්න .

Wednesday, August 17, 2011

Make Free Calls-PC to PHONE

මතකද අපි පරිගණකයේ සිට ජංගම දුරකථන වලට ඇමතුම් නොමිලේ ගත්තා.ඒ ලින්ක් එක දැන් වැඩ කරන්නෑ කියල හුගදෙනෙක් කියන නිසා ලින්ක් එක රිප් කරල නැවත පෝස්ටින් එකක් දාන්නයි හදන්නේ.
______________________________________
මතකද EVAPHONE 





























සයිට් එක අලුත් කරල තම් තමයි. මේකෙන් ලංකාව ඇතුලතත් තවත් රටවල් වලටත් ඇමතුම් නොමිලේම ලබාගන්න පුලුවනි.* කොන්දේසි සහිතයි. බය වෙන්න එපා අය කිරීමක් නම් කරන් නෑ.


මෙතන කොටල සයිට් එකට යන්න
අදාල රටට නොමිලේ ලබාදෙන ඇමතුම් කාලය මෙතනින් බලාගන්න


























දැන් අදාල රටේ අදාල එකත් එක්ක අංකය ඇතුල් කරන්න(අදාල එක කිව්වෙ Country Code[eg:  +94.........]) එන්න ඒ වගේ.


දැන් Call කරන්න ටික වේලාවකින් ඩයල් වෙනවා. කනෙක්ට් වෙන්න කලින් එයාලගේ පොඩි ඇඩ් එකක් යනවා ඊය පස්සෙ තමයි රින්ග්ස් යන්නෙ. 


* මතක තියාගන්න - එක දවසකට එකපාරයි කතා කරන්න පුලුවන්.මොකද අපේ අයි.පී එක කවුන්ට් වෙනවා.(සමහරක් අය නම් දන්නවා ඒකටත් කරන්න ඕනි මොකක්ද කියලා)


කරල බලන්න.

Folder Hide

ඔන්න ඉතින් තවත් වැදගත් ලිපියක් ලියන්නයි අද හදන්නෙ. සමහරක්විට ඔබ මේ ගැටලුවට මූණ දීල ඇති.තවමත් මේ ගැටලුවෙන් පීඩා විදිනවත් ඇති. කැටයම් දැම්මත් ඇති. මෙන්න එහෙනම්....


ඔබේ පරිගණකයේ File , Folders  Hide කළ පසු නැවත නොපෙන්වන ගැටලුවටයි මේ උත්තරය. බොහෝවිට මෙලෙස සිදු කරන්නේ පරිගණක වෛරසයක් මගින්.










මෙන්න මේ ආකාරයට කියන Folder Option එකවත් අඩුම තරමින් පෙන්වන් නැහැ.














මෙතනදී Show කළත් Show නොවේ.











මෙතනදි වෙන්නේ Folder Option කියන Registry value එහෙම නැත්නම් අගයන් වෙනස් වීමක්.අපි ඒ Key එක දන්නවානම් අපට Registry වෙනසක් සිදුකරගන්න පුලුවනි. ඒත් ඒ ගැන වැඩිය නොදන්න අය අත පුච්ච ගනීවි.ඒ කිවිවෙ ඇති දත්ත නිසි දැනුමකින් තොරව වෙනස් කිරීමෙන් ඔබට සදහටම පරිගණකය කරගැනීමටවත් නොහැකි වෙන්න ඉඩ තියනවා. දන්න සිංහලෙන් වැඩේ කරගෙන යන්න මම හැදුවා පොඩි ඩෙගාපටස් එකක්.


මෙතනින් Download කරගන්න.
පොඩි කේස් එකක් තියනවා. මේක වැඩ කරන්න නම් ඔබේ පරිගණකයේ .Net framework එක තිබිය යුතුයි.
හොද නරක ටිකක් ලියල යන්න අමතක වෙයි.



Sunday, August 14, 2011

සක්මන-නැවතත්


 සක්මනට ආදරය කරන ඹබගේ අදහස් අනුව නැවතත් සක්මන දියත් කිරීමට හිතුන නිසා නැවතත් වැඩ පටන්ගත්තා.ඔබට සක්මන මතක ඇතුවාට සැකයක් නෑ. දන්න තරමින් විශාල පිරිසක් සක්මන වටා සිටියා.ඒ බව ඔබ සක්මන නිහඩ අවදියේ ලබා දුන් අදහස් වලින් මනාව ඔප්පු වුණා.ඒ හැම දෙයකටම බොහෝමත්ම ස්තූතිවන්ත වෙනවා.විශේෂයෙන්ම සක්මන නැවත යවත්කාල කරන ලෙස කරන ලද ඉල්ලීම් හදවතින්ම පිලිගනිමින් නැවතත් සක්මන ආලුත් ආරකින් ආරම්භ කරන්න හිතුනා. නැවතත් සුපුරුදු ලෙසින් සක්මනත් සමග රැදී සිටින්න ආදරනීය ඔබට ඇරයුම් කරමි.